ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

රෝමාන්තික Before Trilogy එකේ අනුවේදනීය සත්‍ය කතාව | The Sad Truth Behind The Before Trilogy

Before Trilogy කියන්නේ අපි කවුරුත් ආදරය කරන රෝමෑන්ස් පිරිලා ඉතිරිලා තියෙන ෆිල්ම්ස් තුනක සීරීස් එකක්. Before Sunrise (1995), Before Sunset (2004) සහ Before Midnight (2013) කියන ෆිල්ම්ස් තුන තමයි ඒ.

Jesse (Ethan Hawke) සහ Céline (Julie Delpy) වටා ගෙතෙන මෙම ආදර කථාවට වස්තු බීජය සපයන්නේ ෆිල්ම්ස් තුනේම පිටපත ලියලා, අධ්‍යක්ෂණය කරපු Richard Linklater විසින්. Richard Linklater ගේ ජීවිතයේ වුණු සත්‍ය සිදුවීමක් තමයි Before Sunrise මූලිකවම පාදක වෙලා තියෙන්නේ. ඒත් Jesse සහ Céline ගේ කතාව තරම් සතුටු කතාවක් නම් නෙමෙයි ඒක.

1989 දී 29 හැවිරිදි Richard යනවා එයාගේ සහෝදරිය බලන්න ෆිලඩෙල්ෆියාවට. අතරමගදී ඔහුට සෙල්ලම් බඩු සාප්පුවකදී මුණ ගැහෙනවා 20 හැවිරිදි Amy Lehrhaupt කියන තරුණියව. සරල කතාබහකින් ආරම්භ වෙන Richard සහ Amy ගේ මෙම හමුව මැදියම් රැයේ සිට අලුයම හය පමණ තෙක් ඇදී යනවා. මෙම සුන්දර මොහොත ෆිල්ම් එකකට ගන්න තියෙනවා නම් කොච්චර ලස්සන වෙයිද කියන එකත් එදා Richard විසින් Amy ට පවසා තියෙනවා.

ඔවුන් දෙදෙනා වෙන්ව යාමට පෙර දුරකථන අංක හුවමාරු කරගෙන තියෙන්නේ දිගටම මෙම සම්බන්ධය පවත්වා ගෙන යන්නයි. ඒත් Richard පසුකාලීනව කියන විදියටම “Long distance relationship” කියන දේ එක්කම එයාලගේ සම්බන්ධය එහෙම්මම නැවතිලා තියෙනවා ටික කාලයක් යද්දීම.

1995 දී Before Sunrise ෆිල්ම් එක හැදෙන්නේ Richard සහ Amy ගේ කතාව පාදක කරගෙනයි. Richard හිතලා තියෙන්නේ මේ ෆිල්ම් එක බලලා කොහේ හරි ඉඳන් Amy ඔහුව නැවතත් සම්බන්ධ කරගනියි කියලා.

2010 දී Amy ගේ යහළුවෙක් විසින් Richard ට කියන කතාව හරිම අනුවේදනීය එකක්. ඒ තමයි 1994 දී Amy Lehrhaupt යතුරුපැදි අනතුරකින් මියගොස් ඇති බව. ඒ කියන්නේ Before Sunrise එන්නත් අවුරුද්දකට කලින්.

2013 දී Richard Linklater විසින් Before Midnight ෆිල්ම් එකේ එන්ඩ්-ක්‍රෙඩිට්ස් වල “Amy Lehrhaupt වෙනුවෙන් ෆිල්ම් එක ඩෙඩිකේට් කරන බව” සඳහනක් ඇතුලත් කළා.

Richard සහ Amy ගේ කතාව අනුවේදනීය වුණත්, Jesse සහ Céline ගේ එසේ නොවන්නට Richard Linklater වග බලා ගත්ත බවත් මතක් කරන්නම ඕනේ…

– විකුම් හර්ෂණ –

Author

One thought on “රෝමාන්තික Before Trilogy එකේ අනුවේදනීය සත්‍ය කතාව | The Sad Truth Behind The Before Trilogy

  • In The Land Of Saints And Sinners (2023) eke sub eka dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *