ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

පණ ඇති සෙල්ලම්බඩු | 28 years of Toy Story…

පොඩි කාලේ හිතිලා තියෙනවද.. ඔයාල ලඟ තියෙන සෙල්ලම් බඩුවලටත් පණ ඇති කියලා? නැත්නම් රෑට අපි නින්දට වැටුණම, උදේට ගෙදරින් එලියට ගියාම, කාමරේ තියන සෙල්ලම්බඩු වලට පණ ඇවිත් එයාල නිදැල්ලේ හැසිරෙනවා ඇති කියලා..

මෙහෙම “ටොම් හෑන්ක්ස්” ටත් පොඩිකාලේ නිතරම හිතෙනවලු. ඒ නිසා තමයි ඔහු ටෝයි ස්ටෝරිහි වූඩි වෙනුවෙන් තමන්ගේ හඩ ලබා දෙන්න කැමති වෙන්නේ…


▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

හැමෝම ආදරය කරන ඇනිමේශන් සිනමාපට මාලාවක් වන Toy story හි පළමු සිනමාපටය Toy Story (1995) තිරගත වෙන්නේ වසර 28 කට පෙර අද වගේ දිනෙකයි. එහි අධ්‍යක්ශණය ජෝන් ලැසෙටර් විසින්!

✅CGI තාක්ෂණය මඟින් නිර්මාණය වූ පළමු දීර්ඝ සජීවීකරණ සිනමාපටය වන්නේද මෙයයි.

✅එසේම පික්සාර් නිර්මාණයකළ පළමු Animation Feature film එකත් ටෝයි ස්ටෝරිම තමයි, මෙහි සාර්තකත්වය සමග A Bug’s Life, Wall-E , Finding Nemo වගේ ඉතාම ලස්සන ඇනිමේශන් සිනමාපට ගණනාවක් මේ සමාගම නිර්මාණය කරනු ලැබුවා..

✅ ඔබ නරඹා තිබෙනවනම් 1988 වසරේ බිහිවූ කෙටි සිනමාපටයක් වු පික්සාර් Tin Toy මේ සිනමාපටයට පාදක වී තිබෙනවා. යූ ටියුබ් ඔස්සේත් නැරඹිය හැකි මෙම කෙටි සිනමාපටය කුඩා ලදරුවෙක් සහ ටිනී නම් සෙල්ලම් බඩුවක් වටා ගෙතුණ කතන්දරයක්. එසේම එම වසරේ හොදම කෙටි සිනමාපටය ලෙස ඔස්කාර් සම්මානය ලැබූවේද එම සිනමාපටයයි.

✅ නිකමට හරි හිතුණද මෙම සිනමාපටයේ මිනිස් චරිත සියල්ලට කෙටි කොණ්ඩ තියෙන්නේ ඇයි කියලා…? පරිඝනක සජීවීකරණය ඉතාම මූලික අවධියක පැවති සමයකයි මෙය නිර්මාණය වෙන්නේ . කොණ්ඩය ,නැතිනම් සතුන්ගේ ලෝම වගේ දේවල් සජීවිකරණය එවකට ඉතා අපහසු, කාලය සහ මුදල් වැයවන යමක් වුණා. ඒ නිසයි කෙටි හා සරල කොණ්ඩ මේවායේ අන්තර්ගත වෙන්නේ. නමුත් පසුකාලීනව පික්සාර් නිර්මාණයකළ Brave වැනි සිනමාපටයක හිසකේ නිරීක්ෂණය කලහොත් මෙම පරිඝනක සජීවිකරණ තාක්ෂණය ලබාඇති දියුණුව මැනවින් පැහැදිලි වේවී.

✅ඇන්ඩිගේ පියාව මෙම සිනමාපටයේ නම් කරන්නේ හෝ හදුන්වාදීමක් කරන්නේ නැහැ. ඒ ඔහු මියගිහින්, වැඩට ගිහින් ,වෙනත් රටක හෝ පවුලෙන් දුරස්තව ගිහින් වගේ හේතුවක් නිසා නම් නොවෙයි. ඒ සදහා තවත් විශාල මුදලක් වැයවීමට ඉඩ තිබුණු නිසා ඒ මුදල ඉතිරි කරගැනීම වෙනුවෙන් පමණයි.

✅ මෙහි අධ්‍යක්ෂ ජෝන් කියන විදියට වූඩි සහ බස්(z) ඔහුගේ ළමාවියේ සෙල්ලම් බඩු ආශ්‍රයෙන් නිර්මාණය වූ චරිත ද්විත්වයක්.

✅මෙම සිනමාපටය විනාඩි 81 ක පමණ දිගකින් යුතු වුණා .වර්තමාන සිනමාපට හා සැසදීමේදී එය ඉතාම කෙටි කාලයක්. ටෝයි ස්ටෝරි පළමු සිනමාපටය වන මෙය අදාළ සිනමාපට මාලාවේ කෙටිම සිනමාපටය මෙන්ම කෙටිම පික්සාර් Animation feature film එකත් වෙනවා.

✅1995 වසරේ Toy Story මිලියන සිය ගණනක ආදායම් ලැබූ අතිශය සාර්තක නිර්මාණයක් වුණා. එසේම එවකට ඉතිහාසයේ ලයන් කිං සහ ඇලඩීන්ට පසුව ඉහලම ආදායම් උපයා ගත් ඇනිමේශන් සිනමාපටය වූයේද මෙයයි.

✅ ඇන්ඩි නම ” ඇන්ඩ්‍රීස් වෑන් ඩෑම්” නම් වූ පරිඝනක මහාචාර්‍යවරයාට උපහාර පිණිස යොදා තිබෙනවා. ඒ සිනමාපයට වෙනුවෙන් ලබාදුන් ගුරුහරුකම් සහ තාක්ෂණික සහාය වෙනුවෙන් ස්තූතිය පළකිරීමටයි

✅ බස් ලයිට් ඉයර් නම යෙදෙන්නෙත් බස් ඇන්‍ඩ්‍රියන් නම් ප්‍රකට අභ්‍යාවකාශගාමියාට ගෞරව පිණිසයි.

✅ඩිස්නි සමාගම සහ NASA ආයතනය විසින් 2008 වසරේදී #බස් ලයිට් ඉයර් නම් මෙම කුඩා සෙල්ලම් බඩුව අභ්‍යවකාශයට යවනු ලැබුවා. ඒ විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය පිළිබඳ අධ්‍යාපනය හැදෑරීමට සිසුන් දිරිමත් කිරීමේ අරමුණින්.. ඉන් මාස 15 කට පසුව 2009 සැප්තැම්බර් 11 වන දින අභ්‍යවකාශ ෂටල ඩිස්කවරි STS-128 යානයෙන් #බස් ලයිට් ඉයර් නැවත පෘථිවියට පැමිණියා. එසේම ඔහුව ඉහළින් නැවත පෘථිවියට පිළිගන්නත් ඩිස්නි සමාගම සහ රසිකයින් කටයුතු කළා.

Author

One thought on “පණ ඇති සෙල්ලම්බඩු | 28 years of Toy Story…

  • පොඩි කාලේ හිතේ ඔහොම දෙයක් මටත් තිබ්බා. ටෝයි ස්ටෝරි බැලුවම ගොඩක්ම ඒක තවත් වැඩි වුණා. 😀
    ස්තුතියි වටින ලිපියට.
    දිගටම මේ වගේ ලස්සන ලිපි අරගෙන එන්න.
    ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *