ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

රොකී සමඟ රොකී | 47 Years of Rocky…

රොකී බැල්බෝවා නම් කල්පිත චරිතය වෙනුවෙන්, 1980 වසරේ ඒ. තෝමස් නම් කලාකරුවා විසින් මෙම ලෝකඩ පිළිමය නිර්මාණය කළා. ඒ මූලිකව රොකී Rocky iii සිනමාපටයේ දර්ශනයක් සදහායි.

රොකී පඩිපෙළ දිගේ ඉහලට දුවන මාර්ගය (rocky steps) හා එහි ඉහල මෙම පිළිමය රදවා තැබුණා.

සිනමාපටයේ රූගත කිරීම් අවසානයේ, පිලඩෙල්පියා කලා කෞතුකාගාරයේ පඩිපෙලේ පහල මෙය ස්ථාවරව රදවා තැබුණා. එවකට මේ පිළිබද යම් වාද විවාද මතුවුණා. නමුත් මේ සදහා විශාල රසික ආකර්ෂණයක් ලැබීම දිගින් දිගටම එය එම ස්ථානයේ තැබීමට ප්‍රබල හේතුවක් වුණා. එය නැරඹීමට එන පිරිස් පියවර 72 මාර්ගයේ දිවගොස් පිළිමය අසල රොකීගේ ඉරියව්වෙන් හිඳ ජායාරූපයක් ගැනීම ප්‍රිය කලා.

නමුත් 2006 දී මෙම පිළිමය මෙම ස්ථානයේ තැබීම සම්බන්දව විවාද කතිකාවත් ප්‍රබල වුණා. කලාව යනු කුමක්ද , මේ පිළිමය කලා කෘතියක්ද ? නැතිනම් සිනමාපටයක් සදහා භාවිතා කල උපාංගයක්ද පමණක්ද? අවසානයේ මෙම ප්‍රතිමාව පඩිපෙළේ පහල කොනකට ගෙනයනු ලැබුවා.

තිබෙන තැන කොතන වුණත් අදටත් රොකීගේ මේ පිළිරුවට සංචාරකයන් විශාල වශයෙන් ආකර්ශනය කරන යමක්.
සිල්වෙස්ටර් ස්ටැලෝන් පවා ඉදහිට මෙම ස්ථානයට පැමිණ එය නරඹන රසිකයන් පුදුමයට පත්කරන්න අමතක කරන්නේත් නැහැ.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

රොකී තිරගත වී අදට වසර 47

Rocky කියන්නේ බහුතරයක් සිනමා රසිකයන් නරඹා ඇති නිර්මාණයක්. එසේම එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩා සම්බන්ධ සිනමාපටයක් ලෙසත් මෙය සැලකෙනවා.

එම වසරේ Taxi driver වැනි නිර්මාණ රැසක් පරයා යමින්,හොදම සිනමාපටය ලෙස ඇකඩමි සම්මානය දිනාගන්නත් රොකී සමත් වුණා. එය තිරගත වුණේ මීට වසර 47 කට පෙර, 1976 වසරේ අද වැනි දිනෙකයි.

සිල්වෙස්ටර් ස්ටැලෝන් ඒ හරහා ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තා.. එ පමණක් නොවෙයි 200-2005 වසරවල වෘතීය දිවියේ පසුබෑමකට ලක්වූ ඔහු නැවත සාර්තක ආගමනයක් කලේද මෙම සිනමාපට මාලාවේ 6 වන සිනමාපටය ලෙස නිකුත් වූ Rocky Balboa සිනමාපටය සමගයි.

තවද, මේ හා බැදුණු Creed සිනමාපට මාලාවද සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ වෘතීය දිවිය නැවතත් ඉහලම සාර්තකත්වයකට ගෙන යෑමට දායක වුණා.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *