ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

Pixar ලෝකයේ හොල්මන් කරන A113 | Pixar’s A113 Easter Eggs

A113 (කියවන්නේ A1-13 කියලා) කියන්නේ California Institute of the Arts එකේ තියෙන ක්ලාස් එකක්. Pixar ෆිල්ම්ස් වල වැඩ කරන ගොඩක් අයගේ ආරම්භය වෙලා තියෙන්නේ California Institute of the Arts එක. ඒකේ තියෙන A113 කියන ක්ලාස් එක තමයි ග්‍රැෆික් ඩිසයින් සහ කැරැක්ටර් ඇනිමේෂන් ඉගෙන ගන්න ළමයින්ගේ ක්ලාස් එක. ඉතින් ඒ ක්ලාස් එක මතක් වෙන්න A113 කියන එක Pixar ෆිල්ම්ස් හැම එකකම වගේ ඇතුලත් කරන්න මේ ෆිල්ම්ස් හදන අය වග බලා ගත්තා.

වරදවා වටහාගන්න එපා. A113 කියන්නේ ‘ඉන්සයිඩ් ජෝක්’ එකක්. ඒක ප්ලොට් එකටවත්, Pixar Theory එකටවත් අදාළ වෙන්නේ නැහැ.

මේ ලිපියේ තියෙන්නේ මෙතෙක් ආපු Pixar ෆිල්ම්ස් 23 ම A113 තිබ්බ තැන් ඔක්කොම ටික.
1.
* Toy Story 1 එකේ Andy ගේ අම්මා (Mrs. Davis) ගේ මිනිවැන් එකේ නම්බර් ප්ලේට් එක A113.

2.
* Toy Story 2 එකේ Andy ගේ අම්මාගේ මිනිවැන් එකේ නම්බර් ප්ලේට් එක A113.
* Toy Story 2 එකේ අන්තිම එයාපෝර්ට් සීන් එකේදී අන්වුන්ස්මන්ට් එකක් ඇහෙනවා “LassetAir flight A113 from Point Richmond now arriving at Gate 3” කියලත්.
(තව පොඩි එකක්.. Lasset කියන්නේ Toy Story ඩිරෙක්ටර් John Lasseter ගේ නමෙන් හදපු කෑල්ලක්. ඒ වෙනකොට Pixar හෙඩ් ඔෆිස් තිබ්බේ කැලිෆෝර්නියාවේ Point Richmond වල.)

3.
* Toy Story 3 එකේ Andy ගේ අම්මාගේ ක්‍රොස්ඕවර් වෙහිකල් එකේ නම්බර් ප්ලේට් එක A113.

4.
* Toy Stroy 4 එකේ Second Chance Antiques එකේ කාපට් ඩිසයින් එකක් හැටියට තියෙනවා A113.

5.
* UP එකේ Carl යන කෝර්ට් රූම එකේ නම්බර් එකත් A113.

6.
* Brave එකේ මායාකාරියගේ කොටේජ් එකේ දොරේ ගහලා තියෙනවා ACXIII. රෝම ඉලක්කම් වලින් CXIII කියන්නේ 113ට.

7.
* A Bug’s Life එකේ Flik ‘බග් සිටි’ එකට යන වෙලාවේ එතන තියෙන සීරියල් බොක්ස් එකේ තියෙන කෝඩ් එකේ එක කොටසක් තමයි A113. (අනිත් කොටස 1195, ඒ කියන්නේ ’95 නොවැම්බර්, ඒ කියන්නේ Pixar සෙට් එකේ පලවෙනි ෆිල්ම් එක වෙච්ච Toy Story රිලීස් කරපු කාලය)

8.
* Finding Nemo එකේ ඩයිවර් ළඟ තියෙන කැමරා එකේ මොඩ්ල් කෝඩ් එක A113.

9.
* Finding Dory එකේ මාළු අරන් යන ට්‍රක් එකේ නම්බර් ප්ලේට් එකේ තියෙනවා A113.
* ඒ විතරක් නෙමෙයි Fluke සහ Rudder ගේ ටැග්ස් වෙන්නෙත් A1 සහ 13.

10.
* Inside Out එකේ අම්මා තාත්තා එක්ක තරහා වෙලා ගෙදරින් යන Riley යන පාරේ තියෙනවා A113 කියලා අන්දපු ග්‍රැෆිටි එකක්.

11.
* The Good Dinosaur එකේ Arlo ව කුරුල්ලා පන්නන් එන වෙලාවේ වැටේ තියෙන කෝටුවලින් A113 පේනවා.

 
12.
* Coco එකේ Bureau of Family Grievances ඔෆිස් එකේ දොරේ ගහලා තියෙනවා A113.
* ඒ වගේම Ernesto de la Cruz ගේ ඇල්බම් එකකත් A113 ප්‍රින්ට් කරලා තියෙනවා.

 
13.
* Onward එකේ අන්තිම හරියේදී Colt Bronco ට ඩිස්පැච් කෝල් එකක් එනවා. ඒකේ කියවෙන්නේ “We got A ONE-ONE-THREE in progress.” කියලා. මේ Toy Story 2 එකට පස්සේ A113 විෂුවලි නැතුව ඕඩියෝ විදියට තිබ්බ දෙවෙනි අවස්ථාව.

 
14.
* Soul එකේ Hall of Everything එකේ මාර්ග සලකුනක A113 දකින්නට පුළුවන්.
* එක තැනක A2 කී එකක් ටියුන් අඩු පියානෝවක වාදනය වෙනවා. සාමාන්‍යයෙන් A2 කී එකක සංඛ්‍යාතය 110Hz වුනාට මේ ටියුන් අඩු පියානෝවේ එන්නේ 113Hz එකක්.

 
15.
* Ratatouille එකේ ලැබ් රැට් ගේ කනේ ගහලා තියෙන ටැග් එක A113.
* Linguini නිදා ගෙන ඉන්න තැනක කෝච්චියක ගහලා තියෙනවා A113 කියන එක.

 
16.
* Wall-E එකේ ඉන්න AUTO ගේ පෘථිවියට නැවත නොයන්න තියෙන ඩිරෙක්ටිව් එක වෙන්නේ A113. මේ තමයි පලවෙනි වතාවට ෆිල්ම් එකක අස්සෙන් ගහන්නේ නැතුව ඩිරෙක්ට් A113 දාපු අවස්ථාව.
* Wall-E කියන නමේ ලීට් (leet) වර්ෂන් එක වෙන්නෙත් WA113.

 
17.
* The Incredibles එකේ Mr. Incredible ව හිර කරන්නේ A1 ලෙවල් එකේ 13 සෙල් එකේ. A1-13 –> A113.
* Omnidroid v.X9 කෙනෙක් Mr. Incredible ට ඇටැක් කරන වෙලාවේ Mr. Incredible ඉන්නේ කන්ෆරන්ස් රූම් එකක. ඒකේ නම්බර් එකත් A113.

 
18.
* Incredibles 2 අන්තිම හරියේදී Violet සහ Tony ෆිල්ම් එකක් බලන්න යනවා. එකේ නම DIMENTIA 113. හැබැයි එක පැත්තකින් පෙන්නද්දී පෙන්නේ A113 විතරයි. (ලෝක ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂක කෙනෙක් වෙන Francis Ford Coppola ගේ පලවෙනි ෆිල්ම් එක Dimentia 13. එතුමාව මතක් වෙන්න මේ නම දැම්මා කියලයි කියන්නේ)
* Elastigirl විසින් Screenslaver වීඩියෝ එක බලන්නෙත් DevTech එකේ A113 කියන කාමරයේදී.
* International Superhero Accord ඩොකියුමන්ට් එකේ නම්බර් එක ISHA CA-A113.
* එක තැනක තියෙන කුණු කූඩයක ගහලා තියෙනවා BUNI-A113.

 
19.
* Cars එකේ Trev Diesel ගේ නම්බර් එක A113.
* Mater ගේ නම්බර් ප්ලේට් එකේ තියෙන්නේ A113.

 
20.
* Cars 2 එකේ Siddeley ටේල් එකේ තියෙනවා A113.
* Mater ගේ නම්බර් ප්ලේට් එකේ තියෙන්නේ A113.

 
21.
* Cars 3 එකේ Sterling CEO ගේ ඔෆිස් එකේ නම්බර් එක A113.
* Mater ගේ නම්බර් ප්ලේට් එකේ තියෙන්නේ A113.

 
22.
* Monsters University එකේ Mike සහ Sulley හම්බෙන පලවෙනි ක්ලාස් එකේ දොරේ ගහලා තියෙනවා A113.

 
23.
* Monsters Inc. වල විතරයි A113 කියන එක නැත්තේ. හේතුව නම් පැහැදිළිව නැහැ කොහෙවත්. හැබැයි මට හිතෙන විදියට ලෝක ප්‍රසිද්ධ Pixar Theory එකේ කේන්ද්‍රය වෙන Boo එන්නේ මෙතනින් නිසා ඒකට වැලියු එකක් දෙන්න මේක එක්සෙප්ෂන් එකක් කරගත්තා වෙන්නත් පුළුවන්.
කොහොම වුනත් A113 ලඟින් යන කීපයක් තැන් නම් හම්බුනා.
* Mike පළවෙනි පාරට Sully ට යන්න දොරක් ගෙන්නන්න කී කාර්ඩ් එක ගහද්දි මුලින්ම පේන්නේ 113. A අකුරක් යට කී එකක් විදියට තියෙනවා.
* Mike සහ Sully විසින් Boo ව බේරගන්න යන්නේ A13 තට්ටුවට.
* තව TV චැනල් එකක ප්‍රසන්ටර්ස්ලා දෙන්නා A යි, 1 යි වගේ පෙනෙද්දී චැනල් එකේ නම 13 කියලා තියෙනවා. A-1-13 –> A113.
* Randall අන්තිමට යන තැන අහසේ තියෙන තරු යා කරාම A113 හදාගන්නත් පුළුවන්.

 
ආයේ Pixar ෆිල්ම් එකක් බලන වෙලාවට A113 තියෙන තැන් ටික හොයාගන්න ට්‍රයි එකක් දෙන්න.
ජය වේවා.

මම විකුම් හර්ෂණ.

Author

2 thoughts on “Pixar ලෝකයේ හොල්මන් කරන A113 | Pixar’s A113 Easter Eggs

Leave a Reply

Your email address will not be published. Required fields are marked *