ඉන්දියන් සිනමාවචිත්‍රපටවගතුගසියල්ල

ඉස්සර ප්‍රභාශ්… | Prabhas: Then Vs. Now

ඉස්සර බලපු Mirchi, Rebel වගේ චිත්‍රපටි වලින් තමයි Prabhas කියන නලුවට කැමති වෙන්න ගත්තේ. තෙලිඟු චිත්‍රපටි බලන්න ගත්තු මුල්ම කාලේ බලපු සහ ඒ කාලේ ආපු Prabhas, NTR, Mahesh Babu, Allu Arjun වගේ ගොඩ දෙනෙක්ගේ චිත්‍රපටි වල ලොජික් පැත්තකට දාලා උපරිම ත්‍රිල් එකක් ගන්න එක තමයි මූලික අරමුණ වුනේ.

Mirchi එකේ වෙඩින් එකක් මැද තිබුණු ෆයිට් සීන් එක එහෙම කවදාවත් අමතක නොවෙන එපික්ම සීන් එකක්. ඒවා සරල ආතල්. චිත්‍රපටි කිව්වාම එක පැත්තක් විතරක් අල්ලගෙන Biased වෙලා ඉන්නවට වඩා හැම සයිඩ් එකක්ම ටච් කරනවා නම් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක වැඩියි.

Prabhas බාහුබලී වෙනකම් හරි සාමාන්‍ය ගමනක් ආවේ. ඒත් බාහුබලී එකෙන් පස්සේ ප්‍රභාශ්ට ආපු අසාමාන්‍ය ඉල්ලුම සහ ප්‍රභාශ් ගැන තියපු අසාමාන්‍ය බලාපොරොත්තු වල අන්තිම ප්‍රතිඵල තමයි දැන් අපිට පේන්න තියෙන්නේ.

මේක Salaar වලින් සම්පූර්ණයෙන්ම යතා තත්වය ඒවී කියලා මම හිතන්නේ නෑ. ඒත් අඩුම තරමේ පොඩි හරි වෙනසක් වේවී කියලා හිතෙනවා.

හැබැයි අර පරණ Vintage Prabhasව නම් ආයේ දකින්න ලැබෙන එකක් නැහැ. ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටි ගැන බැලුවත් එහෙම තමයි හිතෙන්නේ.

2005 දී ආපු Chatrapathi වගේ චිත්‍රපටි අදටත් කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. එහෙම ඒවා මොන තරම් බජට් එක්ක ගියත් සම්පූර්ණ කරන්න බැරි දේවල්.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *