ඉංග්‍රීසිකෙටි සිනමාපටචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවීඩියෝසියල්ල

Snow Steam Iron (2017) | සැක් ස්නයිඩර් ඇපල් අයිෆෝනයක් යොදාගනිමින් සම්පුර්ණයෙන්ම රූගතකිරීම් සිදුකල සුපිරි කෙටි චිත්‍රපටය

මම හිතන්නේ මේ වෙද්දී ඔයාලා කවුරු කවුරුත් දන්නවා ඇති සැක් ස්නයිඩර් කියන්නේ කවුද කියලා. ඇතැම් දෙනෙක්ට නැතුවම බැරි අධ්‍යක්ෂවරයෙක්, තවත් කොට්ටාශයකට පේන්නම බැරි චරිතයක්. ඒ උනාට මගේ කෝණයෙන් නම් සැක් ස්නයිඩර් කියන්නේ ඔය අද ඊයේ බුකියට බැහැලා, කොමික් මූවී ටිකක් බලපු පමණට කොමික් දන්නවා කියලා හිතාගෙන කුණුහරුප කියාගෙන මෝඩ තර්ක මවලා දෙගොල්ලො කොටවන මෝඩ චරිතයක් හැටියට නම් නෙවෙයි. මොකද සැක් කියන්නේ කොමික් ගැන විශේෂ දැනුමක් තියෙන සුපිරි පුද්ගලයෙක්. අද කියන්න හදන්නේ නම් සැක් සන්යිඩර් කරපු තවත් සුපිරි වැඩක් ගැන.

කොච්චර සුපිරි තාක්ෂණිකයකින් යුක්ත පහසුකම් තිබුනත් ඔයාලා දැකලා තියෙනවද ජංගම දුරකථන පාවිච්චි කරලා චිත්‍රපට රූගත කරනවා? දැකලා නම් ඇති ඒත් ඇපල් අයි ෆෝන් එකකින්ම? සැක් ඒ වගේ වැඩක් කලා. ඇපල් අයි ෆෝන් එකකින් රූගත කරලා මේක නිකුත් කෙරෙන්නේ ජස්ටිස් ලීග් චිත්‍රපට වැඩ අතරතුරේ තමන්ගේ දුවගේ ඛේදවාචක සිදු වීමෙන් ටික කාලෙකට පසුව. හරියටම 2017 සැප්තැම්බර් 20 වැනිදා. තිර රචනය වගේම අධ්‍යක්ෂණය දෙකම වෙන්නෙත් ඔහුගේ අතින්මයි.

රංගනයෙන් දායක වෙන අය ගත්තම Man Of Steel (2013), Wonder Woman (2017) චිත්‍රපට දෙකටම දායක වුනු Samantha Jo මෙහි කැනේඩියානු නිළිය හැටියටත්, Wesley Coller, Wayne Dalglish, Victoria Jacobsen වගේ හුගක් ප්‍රසිද්ධ රංගධරයින් මේ කෙටි චිත්‍රපටයට දායක වෙලා තියෙනවා. කෙටි චිත්‍රපටයක් උනත් IMDb දර්ශකයේ 7.4/10 ක අගයක් ලබාගෙන තියෙනවා. මොහු මෙම කෙටි චිත්‍රපටය සැප්තැම්බර් 20 වැනිදා දින නිකුත් කරන්නේ Vero වෙබ්අඩවිය තුලයි. විනාඩි හතරක් නිසා කතාවේ මොකක්ද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද ඕනෙම කෙනෙක්ට බලලා තේරුම් අරගන්න පුලුවන්. අවිවාදයෙන් කියන්න ඕන කෙටි චිත්‍රපටයක් වුනාට මේක හුගක් සුපිරිම සුපිර් චිත්‍රපටයක්. මේක මම විතරක් කියන දෙයක් නෙවෙයි. මොකද මේ චිත්‍රපටය නිකුත් වූවත් එක්කම සැක් ස්නයිඩර්ට ලොව පුරාම විසිරි ඉන්න රසිකයො හුගක් හොද ප්‍රතිචාර දැක්වුවා. මොකද බලන කෙනෙක්ට උනත් තේරුම් යාවි මේක අයි ෆෝනයකින් රූගත කලාදෝ කියලා හිතාගන්නවත් බැරි බව. මේ වගේ මනුස්සයෙක්ව තියාගෙන හරියට වැඩක් කරගන්න WB ලගේ පුටු රත් කර කර ඔහේ ඉන්න ලොක්කන්ට මොලයක් නැහැ. අපිට පින නැහැ.

පහලින් චිත්‍රපටයත් ඇටෑච් කරනවා. බලන්නකෝ එහෙනම්. ජය!!

තවත් ජයාරූප කිහිපයක්

Author

4 thoughts on “Snow Steam Iron (2017) | සැක් ස්නයිඩර් ඇපල් අයිෆෝනයක් යොදාගනිමින් සම්පුර්ණයෙන්ම රූගතකිරීම් සිදුකල සුපිරි කෙටි චිත්‍රපටය

  • සැක් ස්නයිඩර් නෙමෙයි ක්‍රිස්ටෝපර් නොලන්ට දුන්නත් justice league ගොඩ ගන්න බෑ WB ලා ඉන්නකම්. කොහොමත් infinity war එකෙන් පස්සේ dc වලට සෑහෙන්න දරුණු කාලයක් උදා වෙනවා ඒකන්තයි. DC කියන්නේ පෞද්ගලිකව මාත් ආසම කොමික් යුනිවර්ස් එක උනත් කවදාවත් මාර්වල් වගේ සුපිරි ෆිල්ම් එකක් බලන්න වෙන්නේ නෑ.

    Reply
  • තද තද
    අඬලා නෙ වෝනර් බ්රෝසලාව ඉස්සරහට දාලා 😛
    ජස්ට් කිඩින්, ඔව් ඔයි අපිත් අසයි පට්ට DC ෆිල්ම් එකක් බලන්න :/

    Reply
  • daන් ගොඩක් රිදෙයි
    කට්ටියකට නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *