ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

කේට් සහ සහ හිසකේ වර්ණ | Eternal Sunshine of The Spotless Mind

පින්තූරයේ කතාව

කේට් සහ සහ හිසකේ වර්ණ

Eternal Sunshine of The Spotless Mind හි ක්ලමන්ටයින් ලෙස රංගනයේ යෙදුණ කේට් ඇත්තටම හිසකේ වර්ණ ගැන්නුවද? 

නෑ !

මේ ඇය පැලද සිටින්නේ කෘතිම විග් කිහිපයක්.

සිනමාපටය මෙන්ම රූගත කිරීම්ද රේඛීය කාල රටාවකට සිදු නොවූ හෙයින් හිසකේ සැබවින්ම වර්ණ ගැන්වීම ප්‍රායෝගික ක්‍රියාවක් වූයේ නැහැ.

උදෑසනට රතු හිසකේ දර්ශනයක් රූගත කරන දිනෙක සවස නිල් හිසකේ සහිත දර්ශනයක් විය. එබැවින් මෙම සියළු වර්ණයන් සදහා කෘතිම විග් භාවිතා කර ඇත.

“තමවමත් මං ලග ඒ විග් ඔක්කොම තියෙනවා. ඉදලා හිටලා මම ඒවා ආයෙම දාලත් බලනවා. ඒ හැම එකකටම ඉතාම ස්වභාවික පෙනුමක් තියෙන්නේ ,හිසකෙස් මූල වුණත් ඇත්තම වගේ පේන්නේ. ඒ විග් වර්ණ ගන්වා තිබුණේ හිසකේ වර්ණක වලින් නෙවෙයි රෙදි වර්ණක වලින්.. මම ඒ හැම වර්ණයකටම ආසයි . ඒත්, නිල් හිසකෙස් මට වඩාත් ප්‍රියජනක වුණා, කැරලිකාර හැඟීමක් ඇතිකලා”

මෙහෙම කියන්නේ කේට්

කේට් කියන්නේ ස්වභාවිකව Blond පැහැ සහ සෘජු කේශකලාපයක හිමිකාරියක් ..

නමුත් ඇය කල ජනප්‍රියම සිනමාපට රැසක හිසකේ වෙනත් වර්ණ වලින් වර්ණගන්වා කැරලි ලෙස හැඩකර තිබුණා. මේ අතරින් බොහොමයක් කෘතිම විග්ද වුණා.

Titanic, Mare of Easttown , Eternal Sunshine of The Spotless Mind, hamlet සහ Sense and Sensibility උදාහරණ කිහිපයක්. ඇගේ ඒ චරිත වගේම කොණ්ඩා මෝස්තරත් අතිශය ජනප්‍රිය වුණා. ඒ ඕනෑම පැහැයක් ඇයට ගැලපුණා.

L’Oréal Paris හි the Superior Preference කේෂ වර්ණක නිශ්පාදන මාලාව සමගත් ඇය එකතුවී සිටිනවා. ඉතිං කේට් කියන්නේ එහෙම නිශ්පාදනයක් ප්‍රමෝට් කරන්න යොදාගන්නත් ප්‍රායෝගිකව හොදටම ගැළපෙන කෙනෙක්.

#PDSSD

මෙම චිත්‍රප‍ටයේ විශේෂ වර්ණ පිළිබඳ මින් පෙර පල කළ “ඍතු, වර්ණ සහ ප්‍රේමය පිළිබඳ | Eternal Sunshine of The Spotless Mind” ලිපිය මෙතැනින්.

මෙතැනින්‍ මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරැසි අපගේ මව් අඩවියෙන් ලබාගන්න.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *