ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

සීතලෙන් ගල් ගැසුණු හදවත… | ❄ 10 Years of Frozen ❄

Frozen පළමු සිනමාපටය තිරගත වුණේ මීට වසර 10 යට පෙර අද වැනි දිනෙකයි.

හෑන්ස් කිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුප්‍රකට සුරංගනා කතාවක් වූ “හිම රැජිණ( The Snow Queen) කතන්දරය ඇසුරෙන් මෙය සිනමාවට නැගී තිබෙනවා.

සිනමාපටය, ඇනා නම් කුමරියක් , ක්‍රිස්ටෝෆ් නම් තරුණයකු , ඔහුගේ පිණිමුවා ස්වෙන් සහ හිම මිනිසෙකු වන ඔලාෆ් සමඟ එක්ව, ඇගේ සොයුරිය වන එල්සා සොයා යන ගමනක් පිළිබදවයි.

සිනමාපටය ගැන රසවත් කරුණු කිහිපයක්.

✅ මෙහි චරිතවල නම් මතක නම්
හෑන්ස් , ක්‍රිස්ටෝෆ් (ඔල්ෆ්), ඇනා ,ස්වෙන්

මේ චරිත සදහා යොදා ඇති නම් එකට වේගයෙන් කියවද්දී ඔබට යමක් තේරුම් යාවි… ,
Hans, Kristoff, Anna , Sven
හෑන්ස්ක්‍රිස්ටෝෆඇන්නාස්වන්
හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

මෙම සුරගන කතාවේ නිර්මාතෲ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ට ගෞරව පිණිස මෙම නම් මෙසේ යොදා තිබෙනවා.

✅එල්සා රැජින කථාවේ දුෂ්ඨ චරිත ලෙස පිටපත ලියවී තිබුණත් ,සිනමාපටය වෙනුවෙන් ලියැවී තිබුණු “Let It Go,” ගීතයට සවන්දෙන විට නිර්මාණකරුවන්ගේ මතය වෙනස් වී තිබෙනවා.

ගීතය ඉතාම ආකර්ශනීය බවත්, දුෂ්ඨ චරිතයකට නොගැලපෙන ලෙස ඒ තුළ පෞර්ෂය සවිබලගැන්වීම, තමා කවරෙක්ද යන්න පිළිගැනීම ,ධනාත්මක බව අන්තර්ගතව ඇති බවත් වටහා ගෙන තිබෙනවා.

ඒ නිසාම ගීය වෙනස් නොකරන ඔවුන්, කතන්දරය නැවත ලියා තිබෙනවා, ඒ එල්සා යනු තමා සතු බලයන් පාලනය කරගැනීමට නොහැකිව පීඩා විදින, ඇය නිසා පවුලේ අයට අනතුරක් වේයි සිතන, ඒ නිසා පීඩනයට සහ හුදෙකලාවට පත්වූ නමුත් අභ්‍යන්තරයෙන් අහිංසක චරිතයක් ලෙස ගොඩනගා තිබෙනවා.

✅අධ්‍යක්ෂිකා ජෙනිෆර් ලීට අනුව, ඇනා වයස 18 කින් යුතු අතර, එල්සා සහ ක්‍රිස්ටෝෆ් විසිතුන්වන වියේ පසුවේ..

දම් පැහැයේ අර්ථය රාජකීයත්වයයි, එල්සාගේ හැගීම් අනුව ඇගේ මාලිගයේ වර්ණය වෙනස් වේ , නිල් සතුට සදහාද, රතු බිය සදහාද , කහ කේන්තිය සදහාද භාවිතාවේ.

✅සිනමාපටයේ මුල් භාගයේ ඇනා සහ එල්සා දීප්තිමත් වර්ණ හැද සිටිනවා, ඒ ඔවුන්ගේ සතුට සංකේත කිරිමටයි. නමුත් ඔවුන් වෙන්වූ තැන සිට වඩා අදුරු ඇදුම්ද , නැවත එක්වීමෙන් පසු වර්ණවත් ඇදුම්ද හැද සිටිනවා..

✅සාමාන්‍යයෙන් ඩිස්නි සිනමාපට වල “හොද චරිත” වර්ණවත් ඇදුම්ද , “නරක චරිත” අදුරු වර්ණද හැද සිටීම පොදු ලක්ශණයක්, නමුත් මෙම සිනමාපටයේ හෑන්ස් ආලෝකවත් වර්ණත් , ඇනා ,එල්සා ,ක්‍රිස්ටොෆ් සාපේක්ශව අදුරු වර්ණත් හැද සිටිනවා.

✅සාමාන්‍ය ඩිස්නි කුමරියකගේ ලක්ශණ වලින් බැහැරව ශක්තිමත් කාන්තා චරිත, කලකට පසු අමතක නොවන ගීත කිහිපයක්,(Let It Go.) මෙහි අන්තර්ගතයි.

ඩිස්නි සිනමාපට අතර තවත් “ෆෙමිනිස්ට් ” සිනමාපටයක් ලෙසත් මෙය හදුන්වනවා. කෙසේ නමුත් අදාළ සංකල්පය විෂ සහගත නොවන පරිදි සාර්තකව භාවිතා කිරීමක් මෙහි දැකගත හැකියි. එසේම “සොයුරු පෙම”, මිත්‍රත්වය , වීරත්වය වැනි බොහොමයක් හැගිම් මෙම සිනමාපටය තුළ අන්තර්ගතයි

Fan theory -රසික න්‍යායන්

✅ මේ සිනමාපටය ගැන අපූරු ෆෑන් තියරි ඕනෑතරම්. මේ ඉන් රසවත්ම එකක්..

සිනමාපටයේ පෙන්වන අයුරින්, ඇනා සහ එල්සාගේ දෙමාපියන් මුහුදේ ගිලී මියගොස් නැත. සමුදුරු ගමනේදී ඔවුන්ගේ මව ගර්භනීව සිටියාය.
මුහුදේදී රැජිණ පුතෙකුට උපත දී ඇත.

නමුත්,නැව මුහුදුබත් වූ පසු, ඔවුන් බොහෝ ඈත වෙරළකට ගසාගෙන ගොස් ඇත. එම දූපතේ පිහිටි වනාන්තරයක් තුළට ඔවුන් ඇවිද ගොස් තිබේ , නමුත් අවාසනාවන්ත ලෙස ඒ තුළදී දිවියෙකු විසින් දෙමාපියන් මරා දමා තිබේ.

කෙසේ නමුත් ඔවුන්ගේ කුඩා පුතා එහි විසූ ගෝරිල්ලන් විසින් ඇති දැඩි කරගෙන ඇත.
මෙන්ම මේ කුඩා දරුවා ටාසන් ( Tarzan (1999)) නම් විය. ඒ අනුව ටාසන් යනු, ඇනා සහ එල්සාගේ බාල අර්ධ සහෝදරයායි.

මෙම රසික න්‍යාය සිනහවකින් අනුමත කරන අධ්‍යක්ෂ බක්, ලෝකය කුඩා විනෝදජනක එකක් බවත් සියල්ල එහි කොටසක් බවත් පවසා ඇත.

වාර්තාගත කරුණු

Frozen , Frozen 2 ඩිස්නි සමාගමේ ඉහලම ආදායම් ලැබූ ඇනිමේශන් සිනමාපට ත්‍රිත්වයට අයත්.

✅ ලොව පුරා ඉහලම ආදායම් ලද ඇනිමේශන් සිනමාපට ත්‍රිත්වයෙන් තෙවන ස්ථානයේ පසුවන Frozen (2013) ඉපැයූ මුළු ආදායම ඇ.ඩො.බි.1.28 ක්.

✅ආදායම් අතින් දෙවන තැන සිටිනේ Frozen 2 සිනමාපටයයි. එය ලැබූ ආදායම ඇ.ඩො.බි. 1.45ක් .

ලොව පුරා ඉහලම ආදායම් ලද ඇනිමේශන් සිනමාපට ලැයිස්තුවේ පළමු තැන සිටින ඩිස්නි සමාගමේම lion king(2019) ලැබූ සමස්ථ ආදායම ඇ.ඩො.බි. 1.66 ක්.

Tarzan (1999) ට පසුව ඩිස්නි සිනමාපටයක් හොදම ඇනිමේශන් සිනමාපටය ලෙස ඇකඩමි සම්මානයක් දිනාගන්නේ මේ හරහායි.

✅ ජපානය තුළ අති සාර්තක වූ මෙම සිනමාපටය සති 16 ක් අංක එක ස්ථානයේ රැදී තිබුණා. අවසානයේ එය විශිෂ්ඨ ජපන් ඇනීම් සිනමාපටය Spirited Away (2001) ජපානයේ තැබූ වාර්තාවද බිද දැමීමට සමත්වුණා.

ඒ අනුව ෆ්‍රෝසන් ජපානයේ ඉහලම ආදායම් ලද ඇනිමේශන් සිනමාපටය මෙන්ම, ටයිටැනික්ට පසුව ඉහලම ආදායම් ලද විදේශ සිනමාපටයද වුණා.

✅ Pocahontas (1995) හි Colors of the Wind ට පසුව ඩිස්නි ඇනිමේශන් සිනමාපටයක ගීයක් බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 ලැයිස්තුවට ඇතුළත් වුණා. ඒ Let it go ගීතයයි.

✅ එසේම, Let It Go ගීය එම වසරේ හොදම සිනමා මුල් ගීත නිර්මාණය ලෙස ඇකඩමි සම්මානද දිනාගනු ලැබුවා. ( Academy Award for Best Original Song)

✅ අධ්‍යක්ෂිකා ජෙනීෆර් ලී ෆ්‍රෝසන් සමග ඩිස්නි සම්පූර්ණ දීර්ඝ සිනමාපටයක් අධ්‍යක්ෂණය කල පළමු කාන්තාව බවට පත්වූවා.

Frozen පළමු සිනමාපටය සඳහා සිංහල උපසිරස ලබාගන්න මෙතැනින් පිවිසෙන්න.

Frozen (2013) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න.

මින් පෙර පල කළ “Frozen (2013) – මිදුණු ලොවක…” ලිපිය මෙතැනින් බලන්න.

Author

One thought on “සීතලෙන් ගල් ගැසුණු හදවත… | ❄ 10 Years of Frozen ❄

  • බයිස්කෝප් මංසල ආයෙත් දකින්න ලැබීම ගැන හරිම සතුටුයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *