ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

බයිස්කෝප් සිංහලෙන් 34 ‍‍| The Mandela Effect | මැන්ඩෙලා බලපෑම…

The Mandela Effect (2019)

ෆිල්ම් එකේ නමේ අරුථ පරිදිම මෙම සංසිද්ධියට පාදක වන්නේ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙනි. ඒ තමා දකුණු අප්‍රිකා‍නු හිටපු ජනාධිපතිවරයෙකු, හිටපු නීතීඥවරයෙකු හා වර්ණභේද විරෝධී ක්‍රියාකාරයෙකුව සිටි නෙල්සන් මැන්ඩෙලාගේ සිදුවීමක් ඇසුරිනි. මැන්ඩෙලා 1964 වර්ශයේ දී උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසර 27කට ආසන්න කාලයක් සිරගතව සිට 1990 වසරේ මුල් භාගයේ ඔහු නිදහස ලැබීය. පසුව ඔහු 2013 වසරේ දී ඔහුගේ ශ්වසන ආබාධය උත්සන්න වීමෙන් මෙලොව හැර ගියේය. නමුත් ලෝක වැසියන්ගෙන් සැලකිය යුතු වැඩි පිරිසක් මැන්ඩෙලාගේ මියයාමට පළකලේ වෙනස් අදහසක්. ඒ ඔහු 1980 වර්ශයේ මැන්ඩෙලා සිරගතව සිටියදීම මියගිය ආකාරයට. නමුත් සත්‍ය නම් මැන්ඩෙලා නිදහස් වී වසර 23කට ආසන්න කාලයක් සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස කල්ගෙව්වේය. එසේ නම් ලෝ වැසියන්ගෙන් ඉහත සදහන් කළ පරිදි කතිකාවතක් ආරම්භ වූයේ කෙසේද?

එම සිදුවීමත් සමගම මේ හා සම්බන්ධ විවිධ සිදුවීම් වාර්ථා වන්නටවිය. එම අස්වාභාවික සිදුවීම සදහා The Mandela Effect යනුවෙන් නම් කරන ලද්දේ ඉහත සිදුවීම හේතු කරගෙනය. ඒ අනුව The Mandela Effect යනු මිනිසෙකු කිසිම විටක අත්නොවිදපු සිදුවීමක් එම පුදගලයාගේ මනසේ ඉතා පැහැදිලි මතකයක් ලෙස පැවතීමයි. දැන් ඔයාලා කියයි “මෙහෙම දෙයක් වෙන්න පුළුවන්, මිනිසෙකුහේ මනසේ වැරදි මතක තිබෙන්න පුළුවන්” කියලා මේ සිදුවීම බැහැර කරන්න පුළුවන් කියලා. ඔව් එසේ වෙන්න පුළුවන්. නමුත් ඒ ආකාරයටම මුළු ලෝකයෙන් අති විශාල පිරිසකටත් එකම මතකයක් පැවතීම “වැරදි මතක” කියා බැහැර කළ හැකිද?

ඒ මැන්ඩෙලා බලපෑමට හසු වූ ප්‍රභල උදාහරණ කිහිපයක් නම්,

  • ලෝක ප්‍රසිද්ධ Star Wars: The Empire Strikes Back (1980) කතාවේ ඩාර්ත් වේඩර් විසින් ලූක් හට පවසන එක් දෙබසක් බොහොමයක් දෙනා සිතා සිටියේ “Luke, I am your father” ලෙසය. නමුත් ඔහු පවසන්නේ “No, I am your father” ලෙසය.
  • ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රසිද්ධ වූ ගිරිපුර ඇත්තෝ කාටූන් කතාමාලාවේ ඉංග්‍රීසී නාමය බොහොමයක් දෙනා සිතා සිටියේ “The Flinstones” යනුවෙනි. නමුත් එය ‘t’ අක්ෂර 2ක් සමග “The Flintstones” වේ.
  • WARNER BROTHERS ANIMATION මගින් අතිශය ලෙස ජනප්‍රිය වූ කතාමාලා බොහොමයක් දෙනා සිතා සිටියේ “LOONEY TOONS” ලෙසය. නමුත් සත්‍ය වශයෙන් එහි නම “LOONEY TUNES” වේ.

ඉහත සදහන් කලේ මුළු ලෝකයම මවිත කිරීමට පවා ලක් වූ නිදසුන් කිහිපය පමණි. තවත් මෙවැනිම සිදුවීම් බොහොමයක් ඔබට අන්තර්ජාලය මගින්ද සොයා ගත හැකිය.

මෙම සංසිද්ධිය පිළිබදව විද්වතුන් විවිධ මත පළකරනවා.එහි එක් මතයක් නම් “බහුවිධ විශ්වයන් හා බහුවිධ කාලරාමු” මතය යි. මේ මතයට අනුව එක් කාලරාමුවක සිදුවන සිදුවීමක් අපේ මතකයේ රැදීම මෙම සංසිද්ධිය සිදුවනවා යැයි එම මතය දරණ විද්වතුන්ගේ අදහසයි. අනෙක් මතය නම් ඉතාමත් ආන්දෝලනාත්මක මතයකි. එම මතය නම් Simulation-Hypothesis හෙවත් සමාකරණ උපකල්පණය යි.

Simulation-Hypothesis

Simulation හි තේරුම නම් සමාන කරනය යි. Simulation හට වර්තමානයේ සියලු දෙනාම ක්‍රීඩාකරන පරිඝනක ක්‍රීඩා ප්‍රභල උදාහරණයක් වේ. මිනිස් හැසිරීම්, චර්යා රටා අනුකරණය කර එම ක්‍රීඩා නිර්මාණය කර ඇත. නමුත් එම පරිඝමක ක්‍රීඩා සකසා ඇත්තේ ඉතාමත් අමුතුම ආකාරටය. පරිඝනක ක්‍රීඩාවේදි කිසියම් සථානයකට ඔබේ චරිතය(avatar) ගමන් කරන විට, ඔබේ පරිඝනක තිරය මතින් ඔබට දිස්වන්නේ එම අවස්ථාවේ දී පරිඝනකය මගින් සැකසූ කෘතීම පරිසරයකි. උදාහරණයක් ලෙස ඔබට පරිඝනක ක්‍රීඩාවකදී පාලමක් හරහා යාමට අවශ්‍ය යැයි සිතමු. ඔබට පාලම දෙස බැලු සැණින් ඔබ සිටිනා තැනට කෝණිකව පෙනෙන ආකාරයට පාලම පෙනේ. නමුත් ඔබ එම පාලමට පිටුපස හරවා සිටියහොත් එම පාලම ඔබට පිටිපසින් තිබෙනවා පමණක් නොව එම අවස්ථාවේ එම පාලම එම පරිඝනක ක්‍රීඩාවෙන්ද පවා ඉවත් වී අවසන්ය. ඔබ නැවත වතාවක් පිටුපස හැරී එම පාලම දෙස බලන තෙක් එම පාලම පරිඝනකයෙන් ද ඉවත් ව ඇත. මෙසේ ඔබ නිරීෂණය කරන පරිසරය පමණක් ඔබට පරිඝනක තිරය මගින් පෙන්වනුයේ එම ක්‍රීඩාවේ දත්ත ආරක්ෂා කර ගැනීමටයි. එසේ එම ක්‍රමය භාවිතා නොකර ක්‍රීඩාවක් සෑදීමෙන් ඉතා විශාල ප්‍රමාණයේ පරිඝනක ක්‍රීඩාවක් නිර්මාණය වන අතර එම ක්‍රීඩාව ක්‍රීඩා කිරීම සදහා සැලකිය යුතු ධාරිතාවයක් හා බලයක් සහිත පරිඝනකයක් අවශ්‍ය වේ.

සමාකරණ උපකල්පණය දරණ විද්වතුන්ගේ අදහස ද එයමයි. ඕනෑම පුද්ගලයෙකු තම සංවේදයන්ගෙන් යුතුව(ඇස, කන, නාසය, දිව, සම) යමක් දෙස සෘජුව හෝ වක්‍ර ලෙස නිරීක්ෂණය කරන තුරු එම නිරීක්ෂණයට ලක්වන වස්තුවේ පැවතීමක් නොමැති ඔවුන් පවසයි. ඉහත සදහන් කල පරිඝනක ක්‍රීඩා වල භාවිතා කරන ලද ආකාරයටම අප ජීවත්වන මෙම ස්වභාවික පරිසරයත් පවතින බව ඔවුන්ගේ කියයි. ඔබ, මම, අවට තිබෙන ගහ කොළ අප සිදු සිදු කරන සුළු චලනයක්ම එක් පරිඝනකයක තවත් එක් කේතයක් බව ඔවුන් උදාහරණ ද දෙමින් ද පවසයි. මෙම චිත්‍රපටයට පාදක වන සංසිද්ධියද සමාකරණ උපකල්පණය යි. මුළු විශ්වයම ධාවනය වන පරිඝනකයේ ඇතිවන සුළු සුළු බිදවැටීම් මගින් සිදුවන වැරදීම මගින් මැන්ඩෙලා බලපෑම් සිදුවන බව එහි අදහසයි.

  • ඉතින් අප ජීවත්වන්නේ සත්‍යවශයෙන්ව පරිඝනක ක්‍රීඩාවක් තුලද?
  • එහෙදී සිදුවන බලපෑමෙන් අපගේ මනසේ ඇතිවන ව්‍යාජ මතකයන් නිසා මිනිසාට කුමක් සිදුවේවිද?
  • සත්‍ය වශ්‍යෙන් අපගේ මතකයන් ගැන අපට විශ්වාසයක් තබන්න පුළුවන්ද?

මේ ප්‍රශ්න වලට පිළිතුරු සදහා මෙම ෆිල්ම් එක උදව් කරගනිවී කියලා මම හිතනවා. The Mandela Effect (2019) චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *